ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරයකු සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන සිරිල් රණතුංග මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර ද දැරූ සිරිල් රණතුංග මහතා 1988 වසරේ ජෙනරාල් තනතුරට උසස්වීම් ලැබීය. ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ යුද හමුදාපති තනතුර නොලබා ජෙනරාල් ධූරයට පත්වූ එකම නිලධාරියා ද වේ.
1930 වසරේ පෙබරවාරි මස 19 වැනිදා උපත ලැබූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසු වූ අතර ඒ මහතා 1950 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව 1988 වසරේ විශ්‍රාම ලැබුවා
ඔහු 90 දශකයේ ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළා
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පාසල් සමයේ දක්‍ෂ මලල ක්‍රීඩකයකු සහ හොකී ක්‍රීඩකයකු ද වුනා.




