සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයට අදාළව මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුළත්.
වරාය, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම සහ බෙදාහැරීම, රේගු ආඥා පනතට අනුව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලු සේවාවන් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම මගී ප්‍රවාහනය සඳහා ගමනාගමන මණ්ඩලය විසින් සිදුකරන සියලුම ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කළ යුතු වනවා.
එම පොදු සේවාවන් සේවා අවශ්‍යතාවයන් අනුව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ නඩත්තුව හා ආරක්ෂක මෙන්ම මෙහෙයුම් පවත්වා ගැනීම ඒ අනුව සිදුකළ යුතු වේ.
මීට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු පරිපාලන ඒකකද, මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු, රක්ෂණ සේවාවන්ද එම ගැසට් නිවේදනයෙන් ආවරණය කර ඇත.
එමෙන්ම සමූපාකාර, සතොස ආදී ජනතාවට ආහාර පාන සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට ආයතනද එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.




