රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහල මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ දුරකතනයෙන් කතා කර “දැන් සැපදැයි” විමසු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය පවසනවා.
තමන්ට පීඩා ඇති වන ආකාරයට දුරකථන ඇමතුම් ලබා දෙමින් ‘‘දැන් සැපදැයි‘‘ විමසමින් මරණ තර්ජනය කළ බවට නගරාධිපතිවරයා මොරටුමුල්ල පොලීසියට පැමිණිලිකර ඇත.ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කලා.
සැකකරුගේ දුරකතන වාර්තාවක් ලබා ගැනීමට මොරටු අධිකරණයෙන් පොලීසිය අවසර ඉල්ලා ඇති අතර අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටියා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




