එක්සත් ජනපදය සමඟ සංවාදයට සහ ගැටුමට සූදානම් වීමට අවශ්‍ය බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් මහතා පවසනවා.
විශේෂයෙන් ගැටුම් සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් වීමට අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ පරිපාලනය ගත් උත්සහය උතුරු කොරියාවේ විවේචනයට ලක් වී තිබෙනවා.
කිම් ජොන්ග් උන් මහතා බයිඩ්න් මහතාගේ පරිපාලනය පිළිබඳව සෘජුවම අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.නිදහස් සංවර්ධනයට ඇති අයිතිය සහ රාජ්‍යයේ අභිමානය ආරක්ෂා කරගැනීම පිණිස ගැටුම් සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් වීම පිළිබඳ ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
උතුරු කොරියාව ඕනෑම වර්ධනයකට තියුණු හා කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇති බවත් කොරියානු අර්ධද්වීපයේ තත්වය ස්ථාවර ලෙස පාලනය කිරීම සඳහා උත්සාහයන් යොමු කරන බවත් ඔහු පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




