යාපනයේ, සන්දිලිපායී ගම්මානයේ නිවසක තිබූ
විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් 24 දෙනෙකුට කොවිඩ්
19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබෙනවා.
සෞඛ්‍ය නිලධාරීන්
පියවර ගෙන ඇත්තේ ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ සෙසු පුද්ගලයින් 54 දෙනා ඊයේ
සිට තවත් දින දාහතරක කාලයක් නිරෝධානයට ලක් කිරීමටයි.
පුද්ගලයින් 15 දෙනෙකු පමණක් සහභාගී වන බවට අවසර ලබා ගෙන පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් මේ විවාහ මංගල උත්සවයට සහභාගී වී තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




