රටට අත්‍යාවශ්‍ය දේවල් ගෙන්වාගැනීමට වත් රජය සතුව ඩොලර් නොමැතිබව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා
ඔහු කියා සිටියේ මේ හේතුවෙන්, ඉන්ධන මිල වැඩිකිරීම, පොහොර තහනම වැනි දේවල් සිදුකරන බවයි.මන්ත්‍රීවරයා කියා සිටින්නේ දේශීය ආර්ථිකයක් ගොඩනගන බව පවසමින් රජය ජනතාව මුලාකරන බවයි.
ඔහු කියා සිටියේ එකවර දේශීය ආර්ථික නිර්මාණය කරන්න නොහැකි බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ..
"මේ
වනවිට ලෝකය එකට එකතුවෙලා තියෙන්නේ. දේශීය තරගකාරී ආර්ථිකයක් හදන්නත් පිටරට
වලින් අන්තර් භාණ්ඩ ගේන්න වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඩොලර්
අවශ්‍යයයි. ඒ ඩොලර් එන මාර්ග නැති කරගත්තොත් දේශීය ආර්ථික හදන කතා විසිල්
විතරයි. මේ ආණ්ඩුවේ සමහරු කියනවා අපිට GSP+ ඕනෙත් නැතිලු. "
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




