සියලු ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි මහජන ගැටලු විසඳීම කඩිනම් කිරීමට ප්‍රජා පොලිස් ඒකක දහහතර දහස් විසිදෙකක් (14,022) ස්ථාපිත කිරීමට රජය සැරසෙනවා.
එක් ග්‍රාම නිලධාරි වසමකින් අයදුම්කරුවන් දෙදෙනකු බැගින් 28,044 දෙනකු ස්ථිර පදනමින් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට නියමිතයි.
අවම වශයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගෙන් සමන්විත මෙම ප්‍රජා පොලිස් ඒකක ග්‍රාම සේවා වසම්වල ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ස්ථාපිත කොට ඇති සේවා පියසෙහි ක්‍රියාත්මක වෙනවා.
ප්‍රජා නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනතා ගැටලු විසඳීමේදී මිත්‍රශීලීව සමථ කිරීමේ වගකීම මේ නිලධාරීන් වෙත පැවරෙන අතර, එය අසාර්ථක වන අවස්ථාවල පමණක් නෛතික කටයුතු සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කරනු ඇත.
පහසුවෙන් මෙම නිලධාරීන්ව හඳුනා ගැනීමට විශේෂිත සලකුණු සහිත නිල ඇඳුමක් හා සංචරණයට පාපැදිය බැගින් දීමටද යෝජනා වී තිබෙනවා.
මේ සම්බන්ධ යෝජනාවක් මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.




