නිවෙස් වල ස්ථාවර දුරකථන වෙත ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් නිලධාරින් බව පවසමින් වංචනිකයින් විසින් එම දුරකථන ඇමතුම් ලබා දී ඇති බවයි.එලෙස ඇමතුම ලබාදෙමින් වංචාකරුවන් පවසා ඇත්තේ, දුරකථනය හිමි පුද්ගලයින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනය නොකර සිටීමට නම් යම් මුදලක් තැන්පත් කරන ලෙසයි.
මෙරට ප්‍රසිද්ධ පොලිස් නිලධාරීන්ගේ නම් භාවිත කර ඇතැයි අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවා.
මුදල් තැම්පත් කිරීම සදහා ගිණුම් අංකයක් ද වංචනිකයින් විසින් ඇතැම් පුද්ගලයින්ට ලබාදී ඇති අතර ඊයේ (17) දිනයේ දී ද එවැනි සිදුවීම් තුනක් වාර්තා වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




