තෙල් මිල ඉහල දැමිමිට විරෝධය පල කරන දැන්විම් ප්‍රදර්ශණනය කරමින් බක්කි කරත්තයක නැගි ගාල්ල නගරයට පැමිණි සිව් දෙනෙකු බක්කි කරත්තයද සමග අද (19)දහවල් ගාල්ල පොලිසියවිසින් අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිව්දෙනා අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභාවක හිටපු සභාපතිවරයෙකුගේ පුතෙකුද සිටින බව පොලිසිය පවසයි.
රජයට විරෝධය පල කරන දැන්විම් එල්ලාගෙන බක්කි කරත්තයේ නැගි පිරිස සිට ගාල්ල නගරයට ආසන්න වෙමින් සිටියදි සංචරණ සිමා උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ ජංගම මුර සංචාරක පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




