මත්කුඩු භාවිත කර රිය පදවන්නන් හඳුනා ගැනීමට හැකි නව උපකරණයක් පොලිස් ස්ථානවලට ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.
එම උපකරණය යොදාගනිමින් යමෙකු මත්කුඩු භාවිත කර ඇත්ද යන්න කෙල සාම්පල පරීක්ෂාවක් මඟින් විනාඩි 15-20 ත් අතර කෙටි කාලයක් තුළ දී සොයා ගත හැකි බව වාර්තා වනවා.
මෙරට රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ වැඩි ප්‍රමාණයක් මත්කුඩු භාවිතය නිසා සිදුවන බවත් මෙතෙක් කල් මත්කුඩු භාවිත කරන්නන් සොයා ගැනීමේ උපකරණ අප රට සතු ව නොතිබූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක දී සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.
රිය අනතුරුවලින් සිදුවන මරණ 40% කට හේතුව අධික වේගය බවත් මෙසේ අධික වේගයෙන් රිය පදවන්නන් බොහෝ දෙනා මත්කුඩු භාවිත කළ අය බවත් හෙළි වී තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




