කොවිඩ් ආසාදනය වැඩිවෙමින් පවතින රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර සේවා සපයනු ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ අවශ්‍ය භෞතික හා මානව සම්පත් පිළිබදව සොයාබැලීම
සදහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) සෞඛ්‍ය ඇමතිනීපවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
මෙම සාකච්ඡාවට රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් අ්‍යකෂවරු, වෛද්‍ය අධිකාරිවරු, විශේෂඥ වෛද්‍යවරු සහ ඊට අදාල රාජ්‍ය නිලධාරීන්ද, රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගීත්වුණා.
රත්නපුර දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල කොවිඩ් රෝගීන් වාර්තා වූ බවත් රත්නපුර දිස්ත්‍රික්කයේ රෝගීන් ඉහළයාම සීඝ්‍රයෙන් සිදු වන බවත් මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා.
මේ නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීම, කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධයස්ථාන සහ රෝහල් පහසුකම් ඉහළ නැංවීම සිදුකළයුතු ආකාරයද මෙහිදී සාකච්ඡි කෙරුණා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් සහිතව රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ලබාදීමට කටයුතු කිරීමට අදාලව නිලධාරීන්ට උපදෙස් ලබාදීම මෙහිදී සිදුවුණා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




