හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ එන්නත් කුප්පි සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව හබරාදූව පොලිසිය පවසයි.
මෙම එන්නත් කුප්පි 30 රුපියල් 90,000ක් පමණ වටින බව සඳහන්.
එන්නත් සොරකම පිළිබඳ පුළුල් විමර්ශනයක් පැති කිහිපයක් ඔස්සේ ආරම්භ කොට ඇති බවද, හබරාදුව පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, රියැදුරු, සුළු සේවකයකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු පුද්ගලයන් 15 දෙනකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද පොලිසිය පවසනවා.
අහංගම රෝහණ විද්‍යාලයේ පැවති එන්නත්කරණයෙන් පසු චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් 178ක් ඉතිරි වී තිබී ඇත. කෙසේ වුවද ඉතිරි එන්නත් තොගය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත රැගෙන එන විට ඉන් එන්නත් කුප්පි 30ක් පමණ අඩුවී ඇති බව පොලිසිය පවසනවා.
මෙකී එන්නත් සොරකම පිළිබඳ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් හබරාදුව පොලිසියට කරණු ලැබූ පැමිණිල්ලක් මත හබරාදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත උදයකුමාර මහතාගේ මෙහෙයවීම මත පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




