සංචරණසීමා ඉවත් කිරීමෙන් පසු හෙට (21) දිනයේ රට විවෘතවන ආකාරය පිලිබදව පොලිස් දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ යම් යම් සීමාවන්ට යටත්ව හෙට දිනයේ රට විවෘත කරන බවයි.
ඊට අනුගතව ජනතාව කටයුතු කළයුතු බව ඔහු කියා සිටියා.
ඒ අනුව කාර්යාලවල සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි.
නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවක් තිබෙන පිරිස් නිවසේ සිට සේවා සඳහා යොදා ගත යුතුය.
පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යායුතුය.
සෑම පුද්ගලයෙකුම මුහුණු ආවරණයක් පැලඳ සීටීම අනිවාර්යවේ.
නිරෝධායනයට අදාළ අනෙකුත් නියෝගද ඒ ආකාරයටම පිළිපැදිය යුතුය.
පළාත් අතර සංචරණසීමා ඒ ආකාරයටම ක්‍රියාත්මකවේ.
පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂී කරුණක් සඳහා පමණි.
සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර හිමිනොවේ.
පොදු ස්ථානවල සමූහ ලෙස ගැවසීම නොකළ යුතුය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




