අමාත්‍ය විමල් වීරවංශ සමග රාජකාරි කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට විශාම යාම සඳහා වූ ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයට යොමු කර ඇත.
තවද ඉදිරියේදී ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති සුදත් රෝහණද ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී ඇත.
මිනරල් සෑන්ඩ් ව්‍යාපෘතිය, පොස්පේට් නිධිය භාවිත කරමින් පොහොර නිපදවීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින නීතිරීති අනුව සිදු කළ නොහැකි බව අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. එහිදී අමාත්‍ය විමල් වීරවංශ හා ලේකම්වරයා අතර මත ගැටුමක්ද ඇතිවී ඇත.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායකගේ නම යෝජනා වී ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයට නිහාල් කැප්පෙටිපොළ පත් කර ඇත. ඔහු හිටපු ‘‘හාබර් මාස්ටර්’’ වරයෙකි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid