Header Ads

උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට IAEA තාක්ෂණික ආධාර ගන්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මඟින්  සිදු වූ පාරිසරික හානිය අවම කිරීම සඳහා අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ තාක්ෂණික ආධාර ලබා ගන්නා ලෙස  සූර්ය බල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන ‍රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් අන්තර්ජාතික බලශක්ති නියෝජිත ආයතනයෙන් කළ ඉල්ලීමට අනුව එම ආයතනයේ තාක්ෂණික සහයෝගිතා අංශය විසින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහයෝගිතාව සහ විශේෂඥ දැනුම ලබා දීමට එකඟත්වය පළ කර ඇත.එපමණක් නො ව මොනාකොහි පිහිටා ඇති සමුද්‍රික පාරිසරික අධ්‍යන විද්‍යාගාරයේ සහය ද ලබා දීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බව වාර්තා වනවා. 

ඒ අනුව ශ්‍රී ලංකා සමුද්‍ර පාරිසරික ආරක්ෂන අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්‍යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය සහ මධ්‍යම පරිසර අධිකාරියේ විද්‍යාඥයින් හට විශේෂඥ දැනුම සහ තාක්ෂණික උපකරණ රාශියක් ලැබීමට නියමිතයි.

සුළං, සූර්‍ය බල සහ ජල විදුලි ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහය යටතේ ඉදිරියේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid