Header Ads

උණුසුම් පුවත්

හෙට රට අරින්න එපා!

හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකරන ලෙසත්  තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.


හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකරන ලෙසත්  තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය මෙම ඉල්ලීමකර ඇත.

ලිපිය මගින් එම සංගමය පෙන්වා දී ඇත්තේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අප්‍රේල් මාසයේ පැවති දරුණු තත්ත්වයට රට යළි ගමන් කිරීමේ අවදානමක් නිර්මාණය වනු ඇති බවයි 

එම සංගමය කියා සිටින්නේ ලබන 21 වනදා සිට 23 වනදා දක්වා දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කර යළි පැනවීමේ පදනම කුමක් ද යන්න පැහැදිලි නොවන බවයි.

කෙසේවුවද පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා ලබන 28 වෙනි දින දක්වා හෝ දීර්ඝ කරන ලෙස සිය සංගමය මීට පෙර ඉල්ලීමක් කර තිබූ බවද එම ලිපියේ සදහන්.

මේ හේතුවෙන් මෙම තීරණාත්මක මොහොතේ සංචරණ සීමා ඉවත් කිරීමකින් තොරව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. 

නැතහොත් සති තුනක කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක කරමින් සිදුකළ කැපකිරීම ප්‍රතිඵල රහිත වනු ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටියි

සංචරණ සීමා ක්‍රියාත්මක වර්තමානයේ ද දෛනිකව නව ආසාදිතයින් 2,000 ඉක්මවූ සංඛ්‍යාවක් සහ මරණ 50 ඉක්මවා වාර්තා වන බවත් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද මෙරට සමාජයෙන් හමුවීමෙන් පවතින අවදානම තවදුරටත් ඉහළ යන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid