ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ඒක්වීමට නියමිතයි.
මෙම තරගාවලියේදී මේ වසරේ පැවැත්වීමට නියමිත වන අතර ඇය පර්ත් ස්කොචර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා.
ඇය 2017/18 වසරවල පැවැත්වුණ බිග් බෑෂ් ලීග් තරගාවලියේ තෙවැනි තරගාවලියට සහ 2019/20 වසරවල පැවැත්වුණ පස්වැනි තරගාවලියට මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිල නියෝජනය කර තිබෙනවා.
එහිදී තරග 16කට ක්‍රීඩා කරමින් ඉනිම 15කදී ලකුණු 196ක් රැස් කර ඇති අතර, දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 4කි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම අන්තර්ජාතික විස්සයි20 තරගාවලි සංඛ්‍යාවක් ලෙස තරග 85ක් නියෝජනය කර ඇති ඇය එහිදී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1646කි.
පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 26ක් බිඳ දැමීමට ද ඇය සමත්ව තිබෙනවා.
මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිතවඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid