දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 4ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 4ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය 3ක් ධාවනය කරවීමට පියවර ගෙන ඇති බවයි.
එම මාර්ගවල පහත පරිදි දුම්රිය ධාවනය වේ.
ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස දුම්රිය ස්ථානයේ සිට දුම්රිය 3ක් සහ මීරිගම, වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථානවල සිට දුම්රිය බැගින් ධාවනය වේ.
මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සිට දුම්රිය 4ක් ධාවනය වේ.
කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල සහ පාදුක්ක සිට දුම්රිය 2 ක් ධාවනය වේ.
හලාවත දුම්රිය මාරගයේ කොච්චිකඩේ සිට දුම්රියක් සහ මීගමුව සිට දුම්රිය 2 ක් ධාවනය වේ.
මීට අමතරව ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ සහ මීරිගම සිට එන දුම්රිය දෙකක් පානදුර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන අතර සෙසු දුම්රිය මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන දක්වා ධාවනයවීමට නියමිතවනවා.
මීට අමතරව ඒ ඒ පළාත් අතර දුම්රිය ධාවනය කෙරෙන අතර මහනුවර සහ අනුරාධපුර කොට්ඨාශවලත්, පොල්ගහවෙල සහ මහව දුම්රිය ස්ථාන අතරත් දුම්රිය බැගින් ධාවනය වන බව ද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid