රටේ පවතින දේශපාලන අර්බුධකාරී තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් තමන් යළි පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කල බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පාර්ලිමේන්තු යන්නට තමාගේ බලාපොරොත්තුවක් නොතිබූ නමුත් විශාල පිරිසකගේ බලපෑම් මත එහි යන්නට තීරණය කළ බවත් ඔහු කියා සිටියා.
අසාර්ථක වී ඇති කොරෝනා පාලනය හරි මඟට ගැනීම සඳහා යම් හඬක් නැගීමට තමන්ට හැකියාවක් පවතින බවද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කලා.
ඔහු කියාසිටියේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ද වත්මන් විපක්ෂය පාර්ලිමේන්තුව තුළ නිසි විකල්ප සහ යෝජනා ඉදිරිපත් කිරිමට අපොහොසත් වී ඇති බවයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid