ගාල්ල කළුවැල්ල මරියා ආසන දෙව් මැදුරේ රදගුරු තුමා ඇතුළු දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.
පසුගිය 18 වනදා කරන ලද පී. සී. පී. සී.ආර් පරීක්ෂණවලින් රදගුරුතුමා, තවත් පියතුමන්ලා 03 ක් සහ සේවකයන් 06 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ වන විට රදගුරු හිමියන් හික්කඩුව හෝටලයක නිරෝධායනය මධ්‍යස්ථානයක් වෙතත් අනෙක් ආසාදිතයින් බූස්සේ පිහිටි නිපුන ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් යොමු කර ඇති බව වාර්තා වනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid