පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද පස්වරු 5.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මඩකලපුව සින්නිවුර්නි ප්‍රදේශයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වැලි ටිපර් රථ රියැදුරෙකු මියගොස් ඇති බව පැවසුවා.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ මඩකළපුව ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදීයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි වැදීමෙන් ඝාතනයට ලක්වූ ටිපර් රථ රියදුරු සහ වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා අතර මීට දින කිහිපයකට පෙර බහින්බස්වීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
ටිපර් රථ රියදුරා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී කොස්තාපල්වරයා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid