රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් නැවත විවෘත කරන දිනයක් පිළිබදව නිශ්චිතව පැවසිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
මේ හේතුවෙන් මාර්ගගත දුරස්ථක්‍රම මගින් අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යාමට සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ වනවිට පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මාර්ගගත දූරස්ථ ක්‍රම මඟින් වුව ද විවිධ හේතු සාධක මත එම පහසුකම් ලබා ගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් “ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන” පිහිටුවීමට කටයුතු කරන බැව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid