ඉන්ධන මිල ඉහළ දැමීමත් නිසා කිලෝමීටරයකට රුපියල් පනහක් අය කිිරිමට සිදුවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් දිල්රුක් පවසනවා.
වසර 10ක පමණ කාලයක සිට කිලෝමීටරයකට අය කරගනු ලැබුවේ රුපියල් 40ත් 45ත් අතර මුදලක් බව පැවසු ඒ මහතා කොරෝනා වසංගත තත්ත්වයෙන්ද විශාල ලෙස පීඩාවට පත්ව සිටින ත්‍රිරෝද රථ රියැදුරන්ට මෙම ඉන්ධන මිල එකවර ඉහළ දැමීම තවදුරටත් දරාගත නොහැකි බව පැවසීීය.
වත්මන් රජයෙන් මේ වනතෙක් කිසිදු සහනයක් ත්‍රිරෝද රථ රියැදුරන්ට ලබාදී නොමැති බව ඔහු පවසා සිටියේය.
ගාස්තු ඉහළ දැමීම හැර වෙනත් කිසිදු මාර්ගයක් නොමැති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග වෙනත් ගැටලු රාශියක්ද පැන නැග ඇති බවත් මේ වන විට වාහන අමතර කොටස්වල මිල සහ ලිහිසි තෙල්වල මිල ඉහළ දැමීමක් සිදුවී ඇති බව ඔහු අවධාරණය කළේය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid