මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබෙනවා.
ඒ එම ප්‍රදේශයේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය බවට සැකකෙරෙන කොවිඩ් ප්‍රභේදයක් ආසාදිත පුද්ගලයෙකු පසුගිය දා හඳුනාගැනීම නිසා.
ඒ අනුව මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් කිසිදු පුද්ගලයෙකුට පිටවීම හෝ ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තාවනවා.
එම පුද්ගලයාගේ ආශ්‍රිතකාන්තාවක් ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වාර්තාවනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid