සෞඛ්‍ය ඇමතිවරිය රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සංචාරයක


කොවිඩ් ආසාදනය ව්‍යාප්තියේ ඉහළයාමක් පෙන්නුම් කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර සේවා සපයනු ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඇති ගැටළු සහ අවශ්‍ය භෞතික හා මානව සම්පත් පිළිබදව සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එම නිරීක්ෂණ චාරිකාවේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් සදහා රුපියල් මිලියන 25 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන ලද්දේ කොවිඩ් අවධානමට ලක්ව ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් තව තවත් ශක්තිමත් කිරීමට පියවර ගනිමිනි.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලීඩ්ස් (Leads) කාර්යාලය මගින් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා රු. මිලියන 02 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් රත්නපුර නව නගර පළාත් සභා පරීශ්‍රයේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ලබාදෙන ලදි. මෙම වෛද්‍ය උපකරණ රත්නපුර ශික්ෂණ රෝහලේ සහ, ඇහැළියගොඩ මුලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා ලබා දීමට නියමිතය. ලබාදුන් වෛද්‍ය උපකරණ අතර Syringe pumps 3 ක්, Pulse oximeters 2 ක්, Infusion pumps 2 ක්, high flow nasal oxygen machine 1 ක් ද වේ.

ඒ අනුව බලංගොඩ මූලික රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 12 කට අධික වටිනාකමකින් යුක්තව ලබාදුන් වෛද්‍ය උපකරණ අතර Pulse Oximeter Finger Tip 08 ක්, Defibrillator 01 ක්, High Flow Oxygen Machine 01 ක්, ECG Machine 01 ක්, Multipara Monitor WD 03 ක්, BP Apparatus Digital 05 ක්, Bi pap Machine 02 ක්, Oxygen Concentrator 05 ක්, Laryngoscope 02 ක්, IR Thermometer 04 ක්, Stethoscope 02 ක් විය. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමය ලබාදුන් HDU ඇදන් 5 ක්, සාමාන්‍ය ප්‍රතිකාර ඇදන් 5 ක් ද, සබරගමු පළාත් සභාවෙන් ලබාදුන් සාමාන්‍ය ප්‍රතිකාර ඇදන් 4 ක් ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් රෝහලට ලබා දෙන ලදී .

ඇහැලියගොඩ මූලික රෝහලේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍ය වන රුපියල් මිලියන 08 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ රෝහලට ලබාදෙන ලදි. එම ප්‍රදානය රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය එච්.එම්.එම්.පී කුමාරි මහත්මිය විසින් බාරගන්නා ලදි. එම වෛද්‍ය උපකරණ අතර Pulse Oximeter Finger Tip 15 ක් , Defibrillator 01 ක්,Nebulizer 02ක්, ECG Machine 01 ක්, Multipara Monitor WD 04 ක්, Mini Autoclave Machine 01 ක්, Pulse Oximeter 02 ක්, Multipara Monitor 01 ක්, BP Apparatus Digital 05 ක්, Suction Apparatus 02 ක්, Laryngoscope 03 ක්, IR Thermometer 02 ක් විය.

මෙම අවස්ථාවන් සදහා රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අකිල් එල්ලාවල මහතා, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සෞඛ්‍ය ඇමතිවරිය රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සංචාරයක
සෞඛ්‍ය ඇමතිවරිය රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සංචාරයක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieMl2MHTVR42PnBWJHM-ViWNmqlprPpFWW9XLvK74RIWqjCcN5XPBc3QREvaONlnd-RNtxYxh5wXaHO0jOvRltSriSvQeSZdmmUcfwY36gKYg4EPa44WVupumkAUaxKmvRLambmzdaypQ/s16000/image+%25288%2529.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieMl2MHTVR42PnBWJHM-ViWNmqlprPpFWW9XLvK74RIWqjCcN5XPBc3QREvaONlnd-RNtxYxh5wXaHO0jOvRltSriSvQeSZdmmUcfwY36gKYg4EPa44WVupumkAUaxKmvRLambmzdaypQ/s72-c/image+%25288%2529.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/pavithra-wanniarachchi-minister-of-health-paid-a-special-visit-to-ratnapura-district-recently-to-inquire-into-the-current-situation-of-hospitals-and-treatment-centers-providing-treatment-services-and-the-problems-faced-by-health-staff.html.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/pavithra-wanniarachchi-minister-of-health-paid-a-special-visit-to-ratnapura-district-recently-to-inquire-into-the-current-situation-of-hospitals-and-treatment-centers-providing-treatment-services-and-the-problems-faced-by-health-staff.html.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content