එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස අද උදෑසන දිවුරුම් දීමෙන් පසු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිය අදහස් දක්වා තිබෙනවා.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ගැටලු පිළිබඳ වගකීම තිබෙන්නේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බවත් ලැබුණු ජන වරම නියම ලෙස භාවිත නොකර මිලිටරිකරණයෙන් රටක් පාලනය කිරීම වැරදි බව පවසනවා. පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මේ වන විට රට මුහුණපාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීම බවයි. එසේ කිරීමට රජය අකමැති නම් ඒ වෙනුවට තිබෙන විකල්ප ඉදිරිපත් කරන ලෙස ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව කොරෝනා වසංගතය බවත් මේ වන විට කාර්‍ය සාධක බලකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් කියා සිටියා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid