ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් කොවිඩ්-19 වයිරසය ආසාධිත අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීම සඳහා ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ (Oxygen Concentrators -10 L)100 ක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ(22) දින අරලියගහ මන්දිරයේ දී භාරදුනි.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙනුවෙන් එහි සභාපති ජගත් අබේසිංහ මහතා විසින්අදාළ ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ තොගය ගරු අග්‍රාමාත්‍යතුමාට භාර දෙන දුන් අතර සහෝදර රතු කුරුස සමාජ වලින් කළ ඉල්ලීමකට අනුව සිංගප්පූරු රතු කුරු සමාජයෙන් මෙම ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ (Oxygen Concentrators -10 L) පරිත්‍යාගය කර තිබේ.
අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි ඉදිරි සති කිහිපයේදීත් සහෝදර රතු කුරුස සමාජ ඔස්සේ තවත් වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා මෙහි දී පැවසීය.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය භාරදුන් මෙම ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ තොගය අග්‍රාමාත්‍යතුමා විසින් එම මොහොතේදීම කොවිඩ් වැළඳුණු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය ඇමැතිතුමියට දෙන ලදි.
කොවිඩ්-19 වයිරසය මෙරට ව්‍යාප්තිය ආරම්භ වූ දා පටන් ජනතාව ඉන් ආරක්ෂාකර ගැනීමට හා සහන සැළසීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් විශාල කාර්යභාරයක් ඉටුකරන ලදි.
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid