දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 97 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අසල දී අද උදෑසන පැවැත්වුණා.
එම අවස්ථාවට ගරුතර සංඝරත්නය ද වැඩම කර තිබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති ආර්යාව වන හේමා ප්‍රේමදාස මැතිනිය ඇතුළුව මැති ඇමැතිවරු රැසක් සහභාගි විය.
දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය සිහි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ "තැලී පොඩිවන මිනිස්සුන්ගේ ජීවිත වලට ශක්තිය එක් කොට ඔවුනට අරුණෝදයත්, හිසට සෙවණක් අහිමි මිනිසුන්ට හිසට සෙවණක් සදා සිතට සැනසිල්ලකුත් රැගෙන ආ ජනසම්මතවාදයේ පරමාදර්ශී නායකයාගේ 97 වන ජන්ම දිනය අභිමානයෙන් සමරන බවයි."
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid