ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ යෑම, බඩු මිල ඉහළ යෑම හා පොහොර හිඟයට විරෝධතාවය පළ කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු රැගෙන පාර්ලිමේන්තු සභා ගර්භය තුල අද (23) විරෝධතාවක නිරත වන බව වාර්තා වනවා.
ඊයේ දිනයේත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ආණ්ඩුවට විරෝධය පළ කරමින් රථ පෙලපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා.
මෙහදෙී යතුරුපැදි අත්ට්‍රැක්ටර්, ත්‍රීරෝද රථ, ලොරි රථ,ජේ.සී.බී. යන්ත්‍ර වලින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ මුලස්ථානය ආසන්නයේ සිට පාර්ලිමේන්තු සංකිර්ණ පිවිසුම් දොරටුව දක්වා පැමිණියා.
මෙයින් පසුව සමගි ජනබල මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු වටරවුම අසල ද විරෝධතාවකද නිරත වුණා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid