පුද්ගලයින් 05 දෙනෙකු ගාල්ල ප්‍රදේශයේ නිවෙස්වල මිය ගොස් ඇත. මිය යාමෙන් අනතුරුව කරණු ලැබූ පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් වෛරසය ආසාධනය වි ඇති බවට තහවුරුවී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 99ක් වු යක්කලමුල්ල ගල්පොත්තවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් , අක්මීමන දිවෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 98ක් වු සත්දරු මවක් , බුස්ස කදුරුපේ පදිංචි 74 වියේ පසුවූ සිව්දරු මවක්, හිරිඹුර පාසල්මාවතේ පදිංචි 78 හැවිරිදිවියේ පසුවු කාන්තාවක් සහ බද්දේගම දකුණ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදිවියේ පසුවු තිදරු මවක් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මොවුන් පස්දෙනාම නිවෙස්වලදි මියගොස් ඇති අතර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට දේහයන් රැගෙනවිත් කරණු ලැබූ පී.සී.ආර් පරීක්ෂණවලදි කොවිඩ් වෛරසය ආසාධනය වි ඇති බවට තහවුරුවි ඇත.
මියගිය 05 දෙනාගේ හදිසි මරණ පරීක්ෂණ ඊයේ (22) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකර ඇත.
සිව් දෙනෙකු ම නිවෙස්වල එක්තැන්ව සිටි අයද වෙයි.
බද්දේගම දකුණ ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ලේලියද කොවිඩ් වෛරසය ආසාදනය වි කොවිඩ් නිවිමෝනියාවෙන් මියගොස් ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid