රජය නොමිලේ ලබා දෙන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් සොයා මොහෙයුම් ආරම්භ කරන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ කියයි. එමෙන්ම එම පුද්ගලයන් සිරභාරයට ගැනීමට ද කටයුතු කරනු ලබයි.
දිනපතා ආසාදිතයන් සහ මරණ වැඩිවෙන බවත්, වයිරස ව්‍යාප්තිය පාලනය අසීරු බවත් පිලිපීන සෞඛ්‍ය අමත්‍යාංශය ජනාධිපතිවරයාට පවසා තිබේ.
"තීරණය ඔබේ අතේ. අප රජයක් විදියට අපේ යුතුකම් කරනවා. එන්නත් මිලදී ගෙන ඒවා නොමිලේ බෙදා දීමේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. හැමෝම එන්නත් ගන්න ඕනෑ. බෑ කියන්න බෑ. මේ වසංගතයෙන් මිදීමට එය කළ යුතුමයි. එන්නත නොගන්නා අයට කිසිදු සමාවක් නැහැ. අල්ලා හිරේ දානවා. තීරණය ඔබේ අතේ"
"එන්නත බලෙන් දෙන්න අපේ තීරණයක් තිබුණේ නැහැ. ලෝකයේ කිසිම රටක් එහෙම එන්නත් බලෙන් දෙන්නේ නැහැ. ඒත් පිලිපීනයේ අප කවුරු කවුරුත් මේ වසංගතයෙන් මිදීමට කල්පනා කළ යුතුයි. එය සෑම පිලිපීන වැසියකුගේම වගකීමයි. ඒ වගකීම පැහැර හරින බව පේනවා. වයිරස ව්‍යාප්තිය අපේ පාලනයෙන් ගිලිහිලා. එන්නත ලබා ගන්න ජනතාවට බල කරන්න මට සිදුවන්නේ ඒ නිසයි." යැයි ජාතිය ඇමැතූ අවස්ථාවේදී පිලිපීන ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
පසුගිය ජූනි 20 වැනිදා වනවට පිලිපීන සෞඛ්‍ය අංශ එන්නත් ලබා දී ඇත්තේ මිලියන 2.1 කට පමණි. පිලිපීනයේ එන්නත්කරණ වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවෙයි. සෞඛ්‍ය අංශ චෝදනා කරන්නේ ජනතාවගේ ඇති උදාසීන බව මෙයට හේතුව ලෙසයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid