අද (23දා) රාත්‍රී 10.00 සිට 25දා අලුයම 4.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇත.
එළඹෙන පොසොන් පෝය ඉලක්ක කර දිවයින පුරා බහුලව සංචරණයන් සහ ජනතා ඒකරාශි වීම් සිදු වීම වැළැක්වීමට මෙම තීරණය ගන්නා බවද යුද හමුදාපතිවරයා කීවේය.
සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුකළ ද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකව බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid