තරුණ හා ක්‍රීඩා ඇමැති සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතාගෙ උපදෙස් මත මෙරට පාසල් 10,000කට ඉදිරි වසර දෙක ඇතුළත දී 4G ආවරණය ලබා දීමට තීරණය කර තිබේ.
ඊට අදාළ ඇමැති මණ්ඩල සංදේශය මේ වන විටත් කෙටුම්පත් කර ඇත.
රට පුරා සන්නිවේදන කුලුනු ලබාදීම යාවත්කාලීන කොට සියලුම සන්නිවේදන සැපයුම්කරුවන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එකට එක්ව ඒකාබද්ධ ප්‍රවේශයකින් එක් ප්‍රතිඵලයක් ලබා ගැනීමට වසර දෙකක් තුල අපේක්ෂා කරන බව හෙතෙම කියා සිටියේය.
වීඩියෝ කොන්පෆරන්ස් පහසුකම e-තක්සලාව හරහා නොමිලේ 2021 ජුනි මාසයේ සිට ලබා දෙන බවත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නැතිනම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් (LMS) ජුනි 25 වැනිදා සිට පාසල් 20කින් ආරම්භ කරන බව එතුමා පැවසීය.
සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් ලැබෙන මධ්‍යස්ථාන පිහිටුවන බවත් ඒ තැන්වලට අවශ්‍ය පරිගණක හෝ ටැබ් උපරිම වශයෙන් 10ක් සති දෙකක් ඇතුළත ලබා දීමට නියමිත බව ඒ මහතා පැවසීය. එමගින් උදෑසන සිට සවස්වරුව දක්වා e-තක්සලාව හරහා පාසල් දරුවන්ට අධ්‍යාපනය හදාරන්න අවකාශය ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid