මෙරට කොවිඩ් ආසාදිතව සීටි ගර්භණී මව්වරු 700ක් පමණ දරුවන් බිහි කර ඇති බව කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා.
ඒ කොවිඩ් පළමු රැල්ලේ සිට මේ දක්වා කාලයේ දීයි.මෙම මව්වරුන් වයස 18ත් 45ත් අතර පසුවන අතර ඇතැම් මව්වරු බිහි කළ දරුවන්ට කොවිඩ් ආසාදිත වී තිබූ බවද විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.
මෙම දරුවන්ට මෙම කාලය තුලදී කිසිදු සංකූලතාවක් මතු වී නැති බවත් කොවිඩ් ආසාදිත මවක් බිලිඳාට මව් කිරි ලබා දීමේ දී ඒ මගින් බිලිඳාට කොවිඩ් ආසාදනය වන බවට මෙතෙක් කරුණු තහවුරුකරගෙන නොමැති බවත් වෛද්‍යවරයා අවධාරණය කළා.
මේ වන විටත් මෙරට රෝහල්වල කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරු 400ක් පමණ ප්‍රතිකාර ලබන බවත් දැඩි සත්කාර ඒකකවල ගැබිනි මව්වරු පස්දෙනකු ප්‍රතිකාර ලබන බවත් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා වැඩිදුරටත් කියා සිටියා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




