හෙද සේවාවේ පවතින ගැටලුවලට හෙට (30) දිනයට පෙර විසදුම් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
හෙද සේවාවට බලපාන සේවා ගැටළු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග දිගින් දිගටම සාකච්ඡා කළ ද මෙතෙක් ඊට සාර්ථක විසදුමක් නොලැබීම නිසා මෙම තීරණයට එළඹි බව එම සංගමය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක්ම යොමු කළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාර මේ දක්වා නොලැබීම ද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට පිවිසීමට හේතු වී තිබේ.
එහෙත් හෙට (30) දිනයේ දී මහරගම අපේක්ෂා රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මෙම අසනිප නිවාඩු වාර්තා කිරීම සිදු නොකරන බව ද රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




