එළඹෙන ජූලි මාසය තුළ කෝවිඩ් මර්දන එන්නත් විශාල ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් ද ෆයිසර් එන්නත් ලක්ෂ 02 ක් ද ස්පුට්නික්-වී (Sputnik-V) එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා වශයෙන් එන්නත් ලක්ෂයක් ද ලැබීමට නියමිතයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවට මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට ජාතික බෝවන රෝග කමිටුව ඊයේ තීරණය කිරීමත් සමග ඇමරිකාවේ මොඩෙර්නා ආයතනය සමග කළ සාකච්ඡාව මත මොඩෙර්නා එන්නත් මිලියනයක් ද ලැබීමට නියමිත බව ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියා.
මීට අමතරව චීන රජයෙන් ලැබීමට නියමිත සයිනොෆාම් එන්නත ලබන මස අගදී හිමිවීමට නියමිත ව තිබුණත් මිල සංශෝධනයක් ද සිදු කර යම්කිසි සහනයක් සමග හැකි ඉක්මනින් මෙරටට ලබා ලබාදීමට චීනය අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ජුලි මස 02 වන දා සහ 04 වනදා සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් මෙරටට ලැබෙන බව සඳහන් කළා.
එම නිවේදනය පහතින්,
එම නිවේදනය පහතින්,
#Sinopharm has confirmed that 2 million doses of its anti-#COVID19 #vaccine procured by #SriLanka will be delivered by @flysrilankan on 2nd & 4th July. One million on each flight. At least another 2 mln scheduled within July.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) June 28, 2021
🇱🇰 #vaccination could run in its maximum speed now 🙏 pic.twitter.com/RWZKi8E5LF