ශ්‍රී ලංකා රේගු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශය මෙරටට නීති විරෝධීව ගෙන්වූ රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් ගිතෙල් කිලෝ 1500 ක් ඊයේ (29) අත්අඩගුවට ගෙන ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදන්ත ද සිල්වා මහතා පැවසුවේ පුජා භාණ්ඩ බව සඳහන් කරමින් ඉන්දියාවේ කට්ටුපල්ලි වරායේ සිට ආනයන කළ අඩි 20 බහලුමක දීපම් තෙල් ලෙස සටහන් කළ කෑන් 100 ක් ලෙස ඉතා සූක්ෂ්මව මෙම ගිතෙල් තොගය සඟවා රැගෙනවිත් ඇති බවයි.
එම බහලුම රේගුවෙන් නිදහස් කළේ නම් රජයට රු.1,320,000 ආදායමක් අහිමිවන බව රේගුව ප්‍රකාශ කරයි.එහි වෙළඳපොළ වටිනාකම රු. 2,842,500 ක් වේ.
ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගුවේ ආර්.සී.ටී. බහාලුම් පරීක්ෂණ අංගනයේදී පරීක්ෂාවට ලක්කිරීමේ දී මෙම ගිතෙල් තොගය සොයා ගෙන ඇති අතර කොළඹ 13 ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එය ගෙන්වා ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




