මහර බන්ධනාගාරයේ රඳවාඇති මරණ දඬුවම නියම වූ රැඳවූවන් 76 දෙනකු ඊයේ (24) දහවල් සිට ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
තමන්ට මරණ දඬුවම නියම කළ දිනයේ සිට ජීවිතාන්ත සිර දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටින මේ රැඳවූවන් තමන්ට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා සමඟ සාකච්ඡාවක් දෙන ලෙසද ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ
මරණ දඬුවම නියම කළ දිනයේ සිට ජීවිතාන්ත සිර දඬුවම් නියම කිරීමක් නීති පද්ධතියේ නොමැති බවත් මරණ දණ්ඩනය නියම වී ඇති මේ රැඳවූවන් ජීවිතාන්ත සිරදඬුවම් දක්වා ලිහිල් කෙරෙන අධිකරණ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින අවස්ථාවේදී මෙසේ ආහාර වර්ජනයක නිරත වීම නිෂ්ඵල ක්‍රියාවක් බව ත් බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




