මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මාසයකට පැය 150 ක උපරිමයකට යටත්ව අතිකාල දීමනා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා .
ඒ අනුව කෝවිඩ් 19 වසංගතය මැඬලීම සඳහා රාජකාරි ඉටුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා අතිකාල දීමනා, සතිඅන්ත නිවාඩු දින සහ රජයේ නිවාඩු දිනවලට අදාළව වැටුප් ගෙවීමට සැරසෙයි.
මීට පෙර පසුගිය වසරේ ඔක්තෝබර් පළමු වෙනි දින සිට 2021 ජනවාරි මස 31 වැනි දා දක්වා ඔවුන්ට මෙම දීමනාව ලබාදී තිබෙනවා.
වසංගත තත්වය තත්වය තවදුරටත් පැතිර යාම හේතුවෙන් 2021 මැයි මස 01 වෙනිදා සිට අගෝස්තු මස 31 වන දා දක්වා යළිත් වරක් එම දීමනා ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යෝජනා කර ඇත.
පැතිර යන කෝවිඩ් වසංගත තත්වය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය විශාල පරාසයක පැතිරී තිබීම සැළකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid