අධිකරණ අමාත්‍යාංශය හා තිරසර සංවර්ධන සභාවේ මුලිකත්වයෙන් ඊයේ (30) දින
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ මුලිකත්වයෙන්
සාකච්ඡාවක් පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු දර්ශක අනුව ''සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන'' යටතේ ''තිරසර සංවර්ධනය සඳහා සාමකාමී සහ පරිපුර්ණ සමාජයක් ඇති කිරීම යුක්තිය සඳහා සැමට අවස්ථාව ලබාදීම සහ සෑම මට්ටමකම ඵලදායී වගකීම් සහිත පරිපුර්ණ ආයතන ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමේ'' අරමුණු කරා ගමන් කිරීමට මෙහදෙී සාකච්ඡා කෙරුණි.
සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන යන සංකල්පයේදී තිරසාර සංවර්ධන නිර්නායකයන් සාක්ෂාත් කර කරගැනීම වෙනුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ඉදිරි වැඩසටහන් සම්පාදනය කිරීම ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීම හා සම්බන්ධීකරණය කිරීම තිරසාර සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමටත් අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම හා පවතින නීති සංශෝධනය කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේ ආරම්භයක් ලබා ගැනීමටත් මෙහිදී තීරණය කළා.
මෙම අවස්ථාව සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම් පී කේ මායාදුන්නේ මහතා තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහත්ම මහත්මීන් සහභාගී විය.