පිලිපීන ගුවන් හමුදාවට අයත් සී -130 යානය අනතුරට ලක්ව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරනවා.
අනතුර සිදුවන විට ගුවන් යානයේ 85 දෙනෙකු ගමන් කර ඇත.
ගුවන් ධාවන පථය සොයාගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට පත්වීමෙන් අනතුරුව තුවාල ලැබූවන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද යන්න තවමත් වාර්තා වී නොමැත.
මෙම යානය දකුණු කැගයාන් ඩි ඔරෝ නගරයේ සිට හමුදා ප්‍රවාහනය කරමින් සිට ඇති අතර "ගුවන් යානයට ධාවන පථය මඟ හැරුණු අතර එය නැවත බලය ලබා ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී කඩා වැටුණා, එය ඉතා අවාසනාවන්තයි,"යනුවෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා පවසා ඇත.
ඔහු පවසා ඇත්තේ අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු රෝහලකට ගෙනැවිත් ඇති අතර සෙසු පිරිස බේරා ගැනීමට භට පිරිස් උත්සාහ කරන බවයි.
Image Source : TWITTER@ALERTSPEA





