වේල්සයේ කුමරිය ලෙස විරුදාවලියලත් ඩයනා කුමරියගේ ප්‍රතිමාවක් ඇගේ පුතුන් වන විලියම් සහ හැරී විසින් ඇගේ 60 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් නිරාවරණය කරන ලදී.
ලන්ඩන් නුවර කෙනිස්ටන් මාලිගයේ ඇති සන්කන් උද්‍යානය තුළ ඩයනා කුමරියගේ ප‍්‍රතිමාව ස්ථාපිත කර ඇත.
අභාවයට ගොස් තිබූ එම උද්‍යානය ප‍්‍රතිසංස්කරණය කිරීමට හැරි සහ විලියම් කටයුතු කර තිබිණි. මෙම ප‍්‍රතිමාව පිහිටි උද්‍යානයේ මල් වර්ග 50 ක් පැළකර ඇත.
ඉයන් රැන්ක්-බ්‍රෝඩ්ලි නැමැති ප‍්‍රකට මුර්ති ශිල්පියා විසින් ජීව ප්‍රමාණයේ ලෝකඩ ප්‍රතිමාව නිර්මාණය කර ඇත.
"විශ්වීයත්වය සහ පරම්පරාගත බලපෑම” නියෝජනය කරන දරුවන් තිදෙනෙකු සමඟ කුමරියගේ පිළිමය නිර්මාණය කර තිබේ.
ඩයනා කුමරිය ඇගේ පරාර්ථකාමීත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ඇය පුණ්‍යායතන 100 කට වැඩි ගණනක අනුග්‍රාහිකාවකි.
1997 දී පැරීසියේ සිදුවූ රිය අනතුරකින් මිය යනවිට ඩයනා කුමරිය වයස අවුරුදු 36 පසු විය.
Image Source : harpersbazaar.com







