රුපියල් කෝටි 15 කට ආසන්න අලාභය ක් සිදු කරමින් පුත්තලම විරුතොඩ ප්‍රදේශයේ පිහිටි කොහු අපනයන කර්මාන්ත ශාලාවක් තුල ගින්නකින් ඇතිවූ බව හිමිකරුවෝ පවසති.
අදාල කර්මාන්ත ශාලාව තුල ඊයේ (3) දින දහවල් හදිසියේ මෙම ගින්න ඇති වී ඇත.
කර්මාන්ත ශාලාව තුල තිබු චිනයට අපනයන කිරිමට සුදානම් කර තිබු කොහු තොගය හා තවත් කොහු සමග යන්ත්‍ර සුත්‍ර සියල්ලම විනාශ වි ඇති බව කියයි.
කෙසේ වෙතත් පැය හතරක කාලයක් යන තුරුත් ගින්න පාලනය කිරිමට නොහැකි වී ඇත.
පුත්තලම නගර සභා ගිනි නිවීමේ ඒකකය හා හලාවත නගර සභා හා නාවික හමුදා ගිනි නිවීමේ එකක එක්ව ගින්න නිවා දමන ලදී.




