පන්නම්පිටිය මැනික්දෙන පදිංචි 16 හැවිරිදි දැරියකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කළ තරුණයකු පලා ගොස් ඇති බව දඹුල්ල පොලිසිය පවසනවා.
මව සහ පියා නොමැති ව තම මිත්තණිය සමඟ ජීවත්වෙන මෙම දැරියට නිවස තුළදී පහර දී තිබෙන අතර පැය 10 ක පමණ සැත්කමකින් පසුව ඇය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.මැණික්දෙන ප්‍රදේශයේ උත්සවයකට ගිය අවස්ථාවක දී එම නිවැසියන් විසින් පහර දුන් පුද්ගලයා එම දැරියට විවාහ කරදීමට යෝජනා කර ඇත. ඇගේ මිත්තණිය පවසන්නේ එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පහරදීම සිදුකළ බවයි.
මහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම සැකකරු බදුල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරත වෙන පුද්ගලයකු බව පොලිසිය පවසනවා.
සැකකරු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇති අතර ඔහු ඥාති නිවසක සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.




