
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් අද (05) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත මෙසේ හුදකලා කර තිබෙනවා.මේ අතර දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කය
කළුතර පොලිස් වසමේ
මහ වස්කඩුව දකුණ ග්‍රාම නිලධාරී වසම.
මඩකළපුව දිස්ත්‍රික්කය
කලවන්චිකුඩු පොලිස් වසමේ
පෙරියකල්ලාර් 2, පෙරියකල්ලාර් 3 සහ පෙරියකල්ලාර් 3 දකුණු යන ග්‍රාමනාලධාරී වසම්.
නුවරඑළිය දිස්ත්‍රික්කය
කොත්මලේ පොලිස් වසමබෙරමන දකුණ ග්‍රාම නිලධාරී වසම.




