එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නැවත පක්ෂයට එකතු වෙන ලෙස විවෘත ආරාධනයක් සිදු කර තිබෙනවා.
පසුගිය ජූලි 02 දින පැවති මාධ්‍ය හමුවකදී මෙම ආරාධනය සිදුකර ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර විසිනි.
වර්තමාන ආණ්ඩුව නිසා පත්ව ඇති අර්බුදයෙන් ජාතිය ගලවා ගැනීමට තම මහ ගෙදරට නැවත පැමිණෙන ලෙසත් ඒ සඳහා කිසිවෙකුත් ලැජ්ජාවට පත් නොවිය යුතු බවත් රංගේ බණ්ඩාර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා.
මෙය ඉතාමත් අව්‍යාජ ආරාධනයක් වන අතර සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයට පිවිසියේ ඔහුගේ පියා නිසා බවත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ සහෝදරියට අධ්‍යාපනය සඳහා සඳහා විදෙස්ගත වීමට හැකි වූයේ එවකට ඔහුගේ පියා එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා වූ නිසා බවත් රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසනවා.
සමගි ජන බලවේගය සමඟ පසුගිය ජනාධිපතිවරණයේ දී එක් වූ බොහෝ පළාත් පාලන සාමාජිකයන් නැවත එක්සත් ජාතික පක්ෂයට පැමිණීමට පටන් ගෙන ඇති බව රුවන් විජේවර්ධන මහතා මෙහි දී ප්‍රකාශ කළා.




