දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ යාපනයේ ටෙලෝ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ තුනේම නියෝජිතයින් සහභාගි වී සිටියා. මෙහිදී පක්ෂ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
නැවත පදිංචි කිරිම් ඇතුළු දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මෙන්ම, උතුරේ දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරිම පිළිබඳව මෙහිදි සාකච්ඡා වූ බව පක්ෂ ආරංචිමාර්ග සදහන් කළා.
සාකච්ඡාව සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, ඇතුළු සන්ධානයේ පක්ෂ වල නියෝජිතයින් සහභාගි වී සිටියා.




