තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරතව සිටින සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
නිසි උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් ඊයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීන් 14 ක් එම අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කලා.
මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, පි.සී.ආර්. සහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම, එම්. ආර්. ස්කෑන් සිදුකිරීම ඇතුළු සේවාවන් රැසකට බාධා එල්ලවී තිබුණා