කතරගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් 52 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඔහු දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර වෙඩි තැබීමෙන් පසු ඔහු යාල වනාන්තරයට පලාගොස් ඇති බවත් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක් ව සැකකරු සොයා ගැනීමට මෙහෙයුම් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.