වාහන ආනයනය කිරීමේදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන භාවිත කරන වාහනවලින් විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට වීම නිසා පරිසරය දූෂණය වන බවයි.
එම නිසා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනයේදී විශේෂ බදු සහනයක් ලබාදෙන ලෙස ද ඇමතිවරයා යෝජනා කර තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථාන පිහිටු වීමට මේ වන විටත් කටයුතු යොදා ඇති අතර එම මධ්‍යස්ථානවලට සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී සකස් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
භාවිත කරන ලද පැරණි වාහන ඉදිරියේදී මෙරටට ගෙන්වීම සඳහා අවසර ලබා නොදෙන බවත් කසළවලින් ගොඩගැසෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කිසිසේත් ම ඉඩ නොදෙන බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ සඳහා ගත් පියවරක් ලෙස භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා රෙදිපිළි ආනයනය කිරීම ද තහනම් කර තිබෙන බව ඊයේ (07) පරිසර අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියා.